Posts

Image
දඹුල්ල රජමහා විහාරය දඹුල්ල රජමහා විහාරය   ,  ශ්‍රී ලංකාවේ   මධ්‍යම පෙදෙසෙහි   මාතලේ   දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය   කොළඹ ට කි.මී 148 ක් ඊසාන දෙසින් හා   මහනුවර ට කී.මී 72 ක් උතුරු දෙසින් , පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී 160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත   ලෙන්  80 කට වැඩිගණනක් ඇත. මේ අතුරින්   පිළිම   හා   සිතුවම්   අඩංගු ලෙන් 5 ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම   බුදු රජාණන්   වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින්   බුදු   පිළිම වහන්සේ 153 ක්ද , ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4 ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර ,  විෂ්ණු   හා   ගණ දෙවි   යන   හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී ² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති ...